අංගොඩ වාහන කොටස් අලෙවි කරන ස්ථානයක ගින්නක්..

අංගොඩ හන්දිය ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක ගින්නක්..

by Staff writer 09-02-2025 | 6:24 PM

COLOMBO (News 1st) -අංගොඩ හන්දිය ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක ගින්නක් හට ගෙන තිබේ.

ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ , ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 04ක් යොමු කළ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.