දිවි ගමනට සමුදුන් News 1st සහෘදයා අනුරුද්ධ රත්නායක

දිවි ගමනට සමුදුන් News 1st සහෘදයා අනුරුද්ධ රත්නායක ,අවසන් කටයුතු අනිද්දා..!

by Staff writer 08-02-2025 | 9:43 PM

COLOMBO (News 1st) - නිවුස්ෆස්ට් මාධ්‍යවේදී අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්නායක මහතාගේ දේහය, අද (08) පස්වරු 7 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

අද රාත්‍රී 10 දක්වා, එහිදී දේහයට අවසන් ගෞරව දැක්විය හැකියි.

අද රාත්‍රී 10න් පසුව, අනුරුද්ධ රත්නායක මහතාගේ උපන්ගම වන අනුරාධපුර තඹුත්තේගමට දේහය රැගෙන යාමට සැලසුම් කර ඇත.

අවසන් කටයුතු, අනිද්දා (10) පස්වරුවේ තඹුත්තේගම පොතියගම සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

දශක දෙකකට ආසන්න කාලයක්, නිවුස්ෆස්ට් මාධ්‍යව්දියෙකු ලෙස සේවය කළ අනුරුද්ධ රත්නායක මහතා ඊයේ (07) පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 42 ක්.

MIM හෙවත්, මහරාජා මාධ්‍ය ඇකඩමියේ වැඩසටහන් නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඔහු, සිරස මාධ්‍ය ජාලය තුළින් නව පරපුරේ දක්ෂයින් රැසක් රටට හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය.

වාර්තාකරුවාගේ භූමිකාවේ සිට ප්‍රවෘත්ති සංස්කාරකවරයා දක්වා වූ ගමන් මග තුළ, ඔහු ගම්මැද්ද, සහන යාත්‍රා, වී ෆෝස්, දවස, ඇතුළු විවිධ වැඩසටහන්වලටද සම්බන්ධ විය.

තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය වෙනුවෙන් කැපවීමෙන් පෙනී සිටි, අනුන්ගේ දුකට සංවේදී මිනිසෙකු වූ අනුරුද්ධ, අපට සදාතනික මතකයකි.