චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව,ජපානය එක්වෙයි

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව හා ජපානය එක්ව සටන් කරනවා - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Hashini De Mel 08-02-2025 | 7:34 AM

COLOMBO (News 1st) - චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව හා ජපානය එක්ව සටන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි.

අමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බව ද ජපානය ප්‍රකාශ කර තිබේ.

ජපාන අගමැති  ෂිගේරු  ඉෂිබා, අමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබුණි.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවැනි විදේශීය නායකයා ඔහු බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.