සාහිත්‍ය ලෝලීන් සහභාගී වුණු සාහිත්‍ය උළෙල

දෙස් විදෙස් සාහිත්‍ය ලෝලීන් සහභාගී වුණු 2025 ගාලු සාහිත්‍ය උළෙල

by Staff writer 07-02-2025 | 11:00 PM

COLOMBO (News 1st) - 2025 ගාලු සාහිත්‍ය උළෙලට අදත්(07) පැවැත්වුණේ දෙස් විදෙස් සාහිත්‍ය ලෝලීන්ගේ සහභාගීත්වයෙනි.

2025 ගාලු සාහිත්‍ය උලෙළ පෙබරවාරි 9 වැනි දා දක්වා ඓතිහාසික ගාලු කොටුව පරිශ්‍රය කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ.

සාහිත්‍ය උළෙල සාකච්ඡා, වැඩමුළු, සංවාද වලින් සමන්විතයි.

The Gammadda Give a Book Project විශේෂ වැඩසටහන ගාලු සාහිත්‍ය උලෙළට සමගාමී ක්‍රියාත්මකයි.

ගම්මැද්ද මගින් ගාල්ල නාකියාදෙණිය උඩුගම ශ්‍රී ගුණානන්ද කණිෂ්ඨ විද්‍යාලයට ලබා දුන් පුස්තකාලයට අවශ්‍ය පොත් පත් පරිත්‍යාග කිරීම සදහා සාහිත්‍ය උළෙලට පැමිණෙන අයට අවස්ථාව හිමිවේ.