කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යළි ගින්නක්

කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යළි ගින්නක්

by Staff writer 07-02-2025 | 8:28 PM

COLOMBO (News 1st) - ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යළි ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි 24 වැනි මහලේ ගින්න හටගෙන ඇති බවයි.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ 6ක් යොමුකර ඇත.

ඊයේ(06) පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හට ගත්තේය.

අනතුරුව එය, 34 වැනි මහල කරා ද ව්‍යාප්ත වුණි.

කෙසේ වෙතත් එම ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

මේ අතර බොරැල්ල ගෝතමී මාර්ගයේ නිවසක ද ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් යොදවා ඇති බවයි.