ලොවක් ඉදිරියේ දිමුත්ට ලැබුණු ගෞරවය...

ලොවක් ඉදිරියේ දිමුත්ට ලැබුණු ගෞරවය...

by Staff writer 06-02-2025 | 10:11 PM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (07) ගාල්ලේදී පළමු දිනට පැවැත්විය.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ පෙරළි කළ තවත් ප්‍රබල ආරම්භක පිතිකරුවෙක්ගේ අවසන් තරගය ලෙසයි.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන, 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සහ අවසන් ජාත්‍යන්තර තරගය මෙයවේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් දිමුත් වෙනුවෙන් ගෞරව දැක්වීමට එක්ව සිටියේ ය.

දිමුත් තම 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් හිස්වැසුම ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අතිනි.

ටෙස්ට් ක්‍රිකට් තරග 100කට ක්‍රීඩා කළ 7වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්වෙමින් දිමුත් අද ක්‍රීඩාංගනයට පිවිසියේ ය.

දිමුත් සහ දිනේෂ් චන්දිමාල් එක්ව ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැගූ අතර දිමුත් ලකුණු 36යි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 127ක් තුළදීයි.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලෙසයි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටියේ ය.