අල්ලසට වැරදිකරුවෙකු වූ අයෙකුට සිර දඬුවම්

අල්ලස් චෝදනාවකට වැරදිකරුවෙකු වූ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට සිර දඬුවම්

by Staff writer 06-02-2025 | 7:50 PM

COLOMBO (News 1st) - අල්ලස් චෝදනාවට වරදකරුවූ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිර දඬුවම් අද (06) නියම කෙරිණි.

වසර 07 කින් එම දඬුවම ගෙවී යන ලෙස නියම කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතායි.

එහිදී විත්තිකරුට රුපියල් 31,000 දඩයක් ද නියම කළේ ය.

විත්තිකරු, 2016 වසරේ සැප්තැම්බර් 19 වැනිදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000  ක අල්ලසක් ලබාගෙන තිබිණි.