Online පනතට රජයෙන් නව සංශෝධන....

Online පනතට රජය නව සංශෝධන කිහිපයක් ගෙනෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

by Staff writer 05-02-2025 | 2:40 PM

COLOMBO (News1st) - පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එම පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි  බව පවසමින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද(05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදු කළේ ය.

මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කීපයක් විසිනි.