සාකච්ඡාවේ අරමුණවී තිබුණේ, ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමයි.
ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.
මෙහිදී සියලු පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ බව සඳහන්.
පසුගිය ජනවාරි 29 වැනිදා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළා.