COLOMBO (News 1st) - වී සඳහා නව සහතික මිල ගණන් මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ, කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132 කටත් හෙට(06) සිට මිලදී ගැනීමට තීරණය කළ බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ ය.