COLOMBO (News 1st) -
පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේ ය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම කළේ, එම පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පවසමින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද කැඳවූ අවස්ථාවේදී ය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුලු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.