හැබැයි නිසි ලෙස පහසුකම් නැතිව හෙට ලොව ජයගන්නට වෙර දරන කොයිතරම් දුවා දරුවන් අපේ රටේ ඉන්නවාද?
බදුල්ල මොරේතොට මහා විද්‍යාලයේ දරුවනුත් ඒ වගෙයි.
77 වසරක නිදහසේ අභිමානය අද ගම්මැද්දේ අපි ඔවුන් එක්ක සැමරුවේ බදුල්ල, මොරේතොට පුංචි දරුවන්ට නිදහසේ අකුරු කරන්න පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදෙමින්.
බදුල්ල, මොරේතොට මහා විද්‍යාලයේ දරුවො 77 වන නිදහස් දිනය පිළිගත්තේ වෙනස්ම විදියටයි.
වසර ගණනාවකට පස්සේ ලැබෙන තෑග්ගක්.
අනාගතය ජය ගන්න උනන්දුවෙන් වැඩ කරන ළමුන් 122 ක් අකුරු කරන මේ පාසලට තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි පුස්තකාල ගොඩනැගිල්ලක් නැතිකම.
ගම්මැද්ද මේ 77 වන නිදහස් දවසේ බදුල්ල මොරේතොටට ආවේ මේ දරුවන්ගේ ප්‍රශ්නයට විසඳුමක් අරගෙන.
ඒ වෙනුවෙන් පසන් දෙව්නි අනුස්මරණ පදනම ගම්මැද්දත් එක්ක අත්වැල් බැඳගත්තා.
ෙමේ අවස්ථාවට සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්යක්ෂ, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල්, බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ සරත් රණසිංහ,හාලි ඇල ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ, මොරේතොට මහා විද්‍යාලයේ විදුහල්පති ටී එම් එස් කේ තෙන්නකෝන්, පසන් දෙව්නි අනුස්මරණ පදනමේ සභාපති එච්. කේ. අයි පරණවිතාරණ ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියේ ය.
නුදුරේදීම දරුවන් සතු වෙන මේ පුස්තකාල ගොඩනැගිල් දරුවන්ගෙ වැඩකටයුතු රැසකටම හයියක්.