තාවි සමරවීර ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට..

by Staff writer 04-02-2025 | 10:47 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ, ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගතකිරීම් හි මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය ද සටහන් කරමින් ය.

ඔහු වයස අවුරුදු 13න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම් හි 33 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබේ.