COLOMBO (News 1st) - 77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ, ඒ අතර පිරිමි සිරකරුවන් 279 දෙනෙකු වන බවයි.
මේ අතර නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද(04) විශේෂ අවස්ථාවක් ලබා දී ඇත.
ඒ අනුව ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි.