ඒ අදාළ සිද්ධිය පිළිබඳව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදීයි.
අදාළ සුනඛයා බැඳ දමා ඇති නොකරන බවත්, නිදැල්ලේ සැරිසැරීමට නිදහස් දී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සිද්ධියට සම්බන්ධ සුනඛයා සුළු තුවාල සහිතව හේන් පරිශ්‍රයේ රැඳි සිටින බවට වන ජිවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවයි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වාහන පිළිබඳව කළ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණයේදී කිසිඳු වාහනයක සුනඛයෙකු හෝ වෙනත් සතෙකු රැගෙන ගිය බව අනාවරණ නොවන බව නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.