ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුරුකරුවන් වන චීනය මෙක්සිකෝව සහ කැනඩාව මත පැනවූ තීරුබදු වේදනාකාරී හැඟීමක් ගෙන දුන්නත් එය දීර්ඝ කාලීනව නොපවතින බවයි.
පැනවූ තීරුබදු , උද්ධමන වර්ධනයට සෘජුව බලපාන බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි.
නැවතත් ශේෂ්ඨ රටක් නිර්මාණය කිරීම සඳහා තමන් සියලු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
මෙක්සිකෝව, කැනඩාව සහ චීනයට එරෙහිව තමන් නව තීරු බදු පැනවූයේ නීතිවිරෝධී සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය රට තුළට ඒම පාලනය කිරීමට බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අමෙරිකාව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක බද්දක් පනවනු ලැබුවේ ය.
චීන භාණ්ඩ සඳහා පැනවූ 10% ක අතිරේක බද්ද හෙට සිට බලාත්මකයි.
ඊට ප්‍රතිචාර වශයෙන්, කැනඩාව සහ මෙක්සිකෝව සදහන් කළේ, අමෙරිකානු භාණ්ඩ සඳහා ඒ හා සමාන ප්‍රතිශතයකින් තීරුබදු ඉහළ නංවන බවයි.
සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා ප්‍රතිචාර දක්වන බව අදාළ රටවල් සඳහන් කළේ ය.