COLOMBO (News 1st) –මෙවර මහ කන්නයේ වී අස්වන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 3 කින් පමණ පහළ යනු ඇති බවට උපකල්පනය කර ඇතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා සදහන් කළේ, මහ කන්නයේ වී අස්වැන්න මාස 7ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවයි.
රජයේ සහතික වී මිල මේ සතියේ ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.