කන්ටේනර් නිශ්කාෂණය කිරීමේ දින 4ක මෙහෙයුමක්

පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්..

by Staff writer 03-02-2025 | 11:02 AM

COLOMBO (News 1st) –ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ.

ඒ මුදල් අමාත්‍යාංශය විසින් ය.

අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය  සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

මේ අතර,  ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාෂණය කිරීමේ දින 4ක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත්තේ ය.

එම මෙහෙයුම ඊයේ අවසන් වූ අතර, පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාෂණය කිරීම ඒ යටතේ සිදු කෙරිණ.