ඒ වගේම ගමටත් ගම්මැද්ද අමුතු දෙයක් නෙවෙයි.
හැබැයි මෙවර 2025 ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අවසන් වෙන්නෙ, අලුත් අත්දැකීම් රැසක් එක්කයි.
සත්‍ය තොරතුරු ඇතුළත් දත්ත සමූහයක් එක්කයි.
ඒ, දත්ත විශ්ලේෂණය කරලා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සකස් කරන වාර්ෂික වාර්තාව, රටේ සංවර්ධනයට මග පෙන්වන, සුවිශේෂ කඩඉමක් වන බව නොඅනුමානයි.
මොණරාගල - බිබිල ඉකිරියම්පොල ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ පාරම්පරිකව වලං කර්මාන්තයෙන්.
ඒ දවස්වලනම් ඔවුන්ට සුරුයි.
කර්මාන්තශාලාවකුත් තියනවා.
ආණ්ඩුවෙන් මැෂින් 03කුත් දීලා, දැන් අවුරුදු 15කට වැඩියි.
තාම එකයි වැඩ.
මැෂින්වලින් වැඩ කරන හැටි උගන්වන්න කෙනෙක් එනකන් මේ මිනින්සු බලාගෙන ඉන්නවා.
ගම්මැද්ද කණ්ඩායම් කින්නියා, සින්නතෝට්ටම් ගමේ ගෙයින් ගෙට යනකොට අලිත් ඇවිල්ලා හිටියා.
කින්නියා අන්නල් නගර් ධීවර ගම්මානයක්. අලුත් මාළු, කරවල මෙතනින් ගන්න පුළුවන්.
2007 දි අයිස් ෆැක්ටරිය හැදුවේ බාගෙට. දැන් ඒක ප්‍රසිද්ධ ඒ අයිස්වලට නම් නෙමෙයි.
මේ අතර, පුත්තලම , සාන්තආනාපුර ඇළ මාර්ග සහ බෝක්කු ගොඩදාලා නැහැ.
අවුරුද්දකට හය හත් වතාවක් පොඩි වැස්සක් ඇති යටවෙන්න.
ගම්මැද්ද ගෙයින් ගෙට පුත්තලම කණ්ඩායම ලුණුවිල ඇතුළු ගම්මාන රැසකටත් ගියා.
ගම්මැද්ද කණ්ඩායම් රත්නපුර , ඇහැලියගොඩ , මැදිකැලේ ජනපදයම වතුර ගන්නේ කැළේ වලකින්.
නුගහේන වතු නිවාස සංකීර්ණයත් අවුරුදු 40කින් හදලා නැහැ.
ගම්මැද්ද ගෙයින් ගෙට රත්නපුර කණ්ඩායම ඇහැලියගොඩ කළු වඳුර ගම්මානයටත් ගියා.
මාසයකට වැඩි කාලයක් ගම්මැද්ද වෙනුවෙන් තමන්ගේ උපරිම කැපවීම ලබා දෙමින් අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීමට දැක්වූ සහය වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සාමාජිකයින්, නිවුස් ෆස්ට් ප්‍රාදේශීය නායකයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් , උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ,භූගෝල විද්‍යා අධ්‍යනය අංශයේ ප්‍රධානී මහාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යනය කාර්යමණ්ඩලයට අපගේ කෘතඥතාව පල කළ යුතුමයි.
ඉතා ඉක්මනින් මෙම අධ්‍යනයෙන් සොයාගත් ප්‍රශ්න වෙනුවෙන් ගම්මැද්ද රට නගන ජන පවුර හරහා විසඳුම් ලබා දීම අපේක්ෂාවයි.