අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් සොයා විමර්ශන

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් සොයා කණ්ඩායම් 3 ක් විමර්ශන අරඹයි. ප්‍රදේශයේ ආරක්ෂාවටත් පොලිස් කණ්ඩායම්

by Staff writer 03-02-2025 | 7:11 AM

COLOMBO (News 1st) –අම්බලන්තොට ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇතැයි සඳහන් ය.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතන සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පුද්ගලයින් 06 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ, තියුණු ආයුධවලින් එම පහරදීම සිදුව තිබුණි.

සිද්ධියෙන් පුද්ගලයින් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර, ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පැවසුවේය.

ඝාතනයට ලක්වුණේ, වයස අවුරුදු 29 ත් 45 ත් අතර වයසේ පසු වූ ඇලේගොඩ, මාමඩල පදිංචිකරුවන් තුන්දෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.