කෝප් කමිටුව ලබන 18 වැනිදා පළමු වරට රැස්වෙයි...

කෝප් කමිටුව ලබන 18 වැනිදා පළමු වරට රැස්වෙයි...

by Staff writer 02-02-2025 | 11:08 AM

COLOMBO (News 1st) - පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ලබන 18 වැනිදා පළමු වරට රැස් වේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, පළමු දිනයේ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධානීන්, කොප් කමිටුව හමුවට කැඳවන බවයි.

ලබන 20 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට කැඳවීම් කර ඇත.

කෝප් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ සාමාජිකයින් සංඛ්‍යාව, 15 ක්.

විපක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු මෙතෙක් ඒ සඳහා නම් කර නොමැත.