COLOMBO (News 1st) - ගාල්ල, හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 07ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද සහභාගි වන බවයි.
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ වසා දැමූ හෝටලයක පෙරේදා රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගියේ ය.
පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙක්, මත්පැන්සාදයක් පවත්වමින් සිටියදී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
එහි සිටි අනෙක් දෙදෙනා එම අවස්ථාවේ දිවි බේරාගෙන පළා ගොස් ඇති අතර පසුව ඔවුන් පොලීසියට භාර වී තිබේ.
මුලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ණය මුදලක් සම්බන්ධ ගැටලුවක් මෙම ඝාතනවලට හේතු වන්නට ඇති බවයි.
වෙඩි වැදීමෙන් මිය ගිය අම්බලන්ගොඩ පදිංචි නෙවිල් නැමැත්තා විසින් අදාළ හෝටල් හිමිකරුට රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් ලබාදි ඇති අතර ඔහු එය වෙනත් පුද්ගලයෙකුට ණයක් ලෙස ලබා දි ඇති බව පරික්ෂණවලදී හෙළිවි තිබේ.
පොලීසිය සැක කරන්නේ ඊශ්‍රාලයේ රැකියාවක් ලබාදීමට මෙම මුදල් ලබාදෙන්නට ඇති බවයි.
මෙම ණය මුදල සහ අදාළ ගනුදෙනුව ඝාතනයට හේතුවක් වුණා ද?
ඝාතනයට හේතුව එය නම් මේ වනවිට ඊශ්‍රායලයට යාමට රුපියල් ලක්ෂ 15ක් දුන් රැකියා අපේක්ෂිතයාත් එම මුදල ලබාගෙන වෙනත් පාර්ශ්වයකට දුන් බව කියන අතර මැදි ගනුදෙනු කරුත් මේ වෙඩි තැබීමෙන් ඝාතනය වී තිබේ.
කෙසේ වෙතත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
T 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර එම ස්ථානයේ තිබි හිස් පතොරම් කොපු 28ක් ද සොයා ගැණුනි.
වෙඩි වැදිමෙන් මිය ගිය හෝටල් හිමිකරු 55 හැවිරිදි මහාබෝධිවත්ත පනංගල පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයින් දෙදෙනා හිනිදුම හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
වෙඩි තැබිම සිදුවු ස්ථානය කලක් හෝටලයක් ලෙසට භාවිතා කර අත්හැර තිබු ස්ථානයක් බව පොලීසිය සඳහන් කළේ ය.