COLOMBO ( News 1st ) -
හබරණ, ගල්වංගුව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් 35කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.පොලිසිය පැවසුවේ , ගාල්ලේ සිට ත්රිකුණාමලය බලා ගමන් කළ බස් රථයක් හා කින්නියා සිට පැමිණි වෑන් රථයක් අද දහවල් එක්නෙක ගැටී ඇති බවයි.
තුවාල ලැබුවන් හබරණ සහ දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ, බස් රථයේ ගමන් කළ කාන්තාවක් හා වෑන් රථයේ රියැදුරුයි.