COLOMBO (News 1st) - සිවිල් පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසුවේ, එලෙස ඉදිරිපත් නොකළ ගිනි අවි බලපත්‍රලාභීන්ට එරෙහිව තුවක්කු ආඥා පනතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා තමන් සතුව තිබූ ගිනිඅවි 7 ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ කර්නල් නලීන් හේරත් මහතා පැවසුවේ, පළමු අවස්ථාවේ භාර නොදී තබාගෙන සිටි ගිනි අවි දෙකක් ඊයේ වනවිට භාරදී ඇති බවයි.
සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි රජය වෙත භාරගැනීමේ වැඩසටහන යටතේ, යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර භාර දී තිබුණේ ගිනි අවි 5 ක් පමණි.