COLOMBO ( News 1st ) -
සත්කාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(01) සිව්වැනි දිනටත් පැවැත්වේ.ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 136කි.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 63ක් ලබා සිටී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්ක කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.