පුත්තලම කරවල, රස ගුණ අතින් බොහෝම ප්‍රසිද්ධ වුණාට, ඒ ධීවරයින්ගේ බලාපොරොත්තු නම් වේලිලා ගිහිං.
කරුකපනේ කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත පිහිටි ධීවර ගමක්.
මේ ගමේ ධීවර පවුල් 1,000 කට වැඩියි.
ධීවර ගමක් වුණාට අද මේ මිනිස්සුන්ට ධීවර රස්සාව කර ගන්න බැරි වෙලා ඉන්නේ මුහුදු ඛාදනය හින්දා.
කාලයක් තිස්සේ මුහුද ඛාදනය වෙලා අද වෙරලක් නැති තරම්.
කරවල නිෂ්පාදනයටත් කරුකපනේ ප්‍රසිද්ධයි.
හැබැයි අද කරවල නිෂ්පාදනය කර ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ ලුණුවල මිල ඉහළ යාම.
පුත්තලමේ සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම අද හලාවත වැල්ල ගම්මානයටත් ගියා.
මාළුවලට නිසි මිලක් නැති එක තමා ලොකුම ප්‍රශ්නේ.
ලංකාවේ පලා අවශ්‍යතාවෙන් සියයට 80 ක් විතර සම්පූර්ණ කරන මානුවන්ගමට ගියාම දැනගන්න ලැබුනේ අස්වැන්නට නිසි මිලක් නැහැ කියලා.
පසුගිය වැස්සත් මේ වගාවන්ට දැඩි බලපෑමක් කරලා තිබුණා.
මොණරාගල තෙලගල්ලන්ද වැවෙන් කුඹුරු අක්කර 150 ක් විතර අස්වද්දනවා.
රජයේ ආයතන මැදිහල්වෙලා අවුරුදු ගාණකට කලින් වැවට මාළු පැටව් දැම්මේ ගමේ ධීවර කර්මාන්ත හරහා ගම්මුන්ට අමතර ආදායමක් උපය ගන්න.
හැබැයි අද වැවේ මාළුන්ගේ අයිතිය වෙනුවෙන් ගම්මු ගැටුමක.
ධීවර කටයුතු සාධාරණව කරන්න ක්‍රමයක් හදලා දෙන්න කියලයි ගම්මු දැන් ඉල්ලන්නේ.
ගෙයින් ගෙට කණ්ඩායම අද මොණරාගල වෙහෙරගල කණිෂ්ඨ විද්‍යාලයටත් ගියා.
කුඹුක්කන ගමේ මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නේ වන අලි ගම්වැදීමෙන්.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, එක්නැලිගොඩ මිනිස්සු පාලමක් නැති හින්දා නගරයට යන්න කිලෝමීටර් 3 ක් දුර ගෙවනවා.
පාලමක් තිබ්බා නම් නගරයට දුර මීටර් 300 යි.
බොන්න වතුර නැති එකත් මේ ගම්මුන්ට තියෙන ප්‍රශ්නයක්.
කුරුවිට කැකුලගම,, අවුරුද්දේ 365 ස් දවසෙන් වැඩි හරියක් තියෙන්නේ වතුරෙන් යටවෙලා.
මේ ගම්මු අපෙන් ඉල්ලුවේ ගම යට වුණාට එහා පැත්තේ රබල් කැලේට ගොඩවෙන්න බෝට්ටුවක්.
කුරුවිට ඩුවලෝ වතු ගම්මානයේ මිනිස්සුන්ට තියෙන්නේ බොන්න පිරිසිදු වතුර නැති එක.
ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් අද ත්‍රිකුණාමලයේ ගම් ගොඩකට ගියා.
කෝනේසපුරි ගමේ පවුල් 300 කට විතර බොන්න වතුර ගන්න තියෙන්නේ එක ලිදයි.
උදයපූරි ගමේත් පවුල් 300 ක් විතර ඉන්නවා.
නිසි පාරක් නැති කම, බොන්න පිරිසිදු වතුර නොමැති වීම වගේ යටිතල පහසුකම් ප්‍රශ්න මේ ගමේ තියෙනවා.
ගාන්ධිනගර් ගමට යන ප්‍රධාන පාරත් අබලන්.
හෙටත් ගම්මැද්ද කණ්ඩායම අද වගේම දුෂ්කර ගම්මානවල ජනතාව හමුවෙන්න සූදානම්.
2025 ගෙයින් ගෙට වාර්ෂික වාර්තාව හදන පේරාදෙණි සරසවි සිසුනුත් මේ ගමන්වල ඉන්නවා.