ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්....

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්....

by Staff writer 01-02-2025 | 3:46 PM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 242කින් අද (01) ජය ගත්තේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්  කරගෙන සිටියදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 165කට සීමා වුණා.

ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 247ක් පමණයි.