ආපදා කළමණාකරන මධ්‍යස්ථාන සදහන් කළේ එම දිස්ත්‍රික්කවල පවුල් 46ක පුද්ගලයින් 212 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති බවයි.
මෙහිදි පුද්ගලයින් 100 දෙනෙකු සුරක්ෂිතතා මධ්‍යස්ථානවල රදවා ඇතැයි ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
පස් කඳු කඩා වැටීම හේතුවෙන් නිල්දණ්ඩාහින්න උඩුපුස්සැල්ලාව මාර්ගය සහ රාගල උඩුපුස්සැල්ලාව මාර්ගය ද තවදුරටත් වසා දමා තිබේ.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසුවේ වළපනේ පදියපැලැල්ල මහනුවර මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි.
මඩුල්ල - උඩුපුස්සැල්ලවා මාර්ගයේ ද රථ වාහන ධාවනයට බාධා මතුව ඇත්තේ පස් කඳු කඩා වැටීම හේතුවෙන්.
මන්දාරම් නුවර , පදියතලාව හේවාවැට මාර්ගය ද අවහිර වී ඇති අතර වලපනේ වැටක්ගම මාර්ගයේ ද රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානව සදහන් කළේ හඟුරන්කෙත - රිකිල්ලගස්කඩ මාර්ගය ද පස් කදු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබේ.
මේ අතර පස් කදු කඩා වැටීම හේතුවෙන්, රත්නපුදර ලදයාය - ඉහළ තලගම මාර්ගය ද අවහිර වී ඇතැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව , අම්පාර , මාතලේ , නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට අද(31) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ
බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.