ජනපතිගෙන් මාවෙයි සේනාධිරාසාගේ දේහයට අවසන් ගෞරව

ජනපති මාවෙයි සේනාධිරාසාගේ දේහයට අවසන් ගෞරව දක්වයි..

by Staff writer 31-01-2025 | 9:01 PM

COLOMBO ( News 1st ) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාසා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

ඒ, කන්කසන්තුරේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි.

එහිදී ජනාධිපතිවරයා ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ට සිය සංවේගය පළ කළේ ය.

කලක් රෝගාතුරව සිටි මාවෙයි සේනාධිරාසා මහතා පෙරේදා(29) රාත්‍රියේ මිය යන විට වයස අවුරුදු 83 කි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා(2) යාපනයේදී සිදු කිරීමට නියමිතයි.