බිහිසුණු ඔයක් තරණය කරන මිනිස්සු..

අසීමිත දුක් කන්දක් එක්ක බිහිසුණු ඔයක් තරණය කරන මිනිස්සු..

by Hashini De Mel 31-01-2025 | 10:22 PM

COLOMBO ( News 1st ) - ගම්වල මිනිස්සු ඉන්නේ විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දීගෙන ජීවිතේ අමාරුවෙන් ගෙවාගෙන.

සමහර විටක ඒ මිනිස්සු කියන දේ අහගෙන ඉන්න එකත් ලොකු සහනයක්.

බලන්ගොඩ - ඇඹිලිපිටිය ප්‍රධාන පාරට මුගුණ මල්ඔය හරහා යන්න ගිහින් වැලිගෙපොල, හංවාන කන්දේ ජීවිත දෙකක් අහිමි වුණා.

මෙතනින් ගියොත් මහ පාරට කිලෝමීටර් 02යි.

වටෙන් ගියොත් කිලෝමීටර් 15යි.

ත්‍රීවිල් එකට 1,500යි.

තාමත් මිනිස්සු ඔය තරණය කරන්නේ ත්‍රීවීල්වලට දෙන්න සල්ලි නැති නිසා.

මේ ගම්මු මුණගැහුනේ ගම්මැද්ද ගෙයින් ගෙට රත්නපුර කණ්ඩායම වැලිගෙපොල, හංවාන කන්දට ගිය වෙලාවේ.

අද හංවාන, දඹගහවෙල, ඕපනායක - රන්වල කන්දේ ජනතාවත් හමුවුණා.

කන්තලේ 16 වැවේ පිටවාන හරහා ගියොත් නගරයට ඉතා ළඟයි.

ගමන අවදානම්.

දවසකට දෙතුන් දාහක් අනතුරේ.

ගෙයින් ගෙට ත්‍රිකුණාමල දිස්ත්‍රික් කණ්ඩායම කන්තලේ හැන්කර්වත්ත, පේරාරු 02 ගම්මානවල ජනතාවත් හමුවුණා.

මොණරාගල බිබිල කැන්දවින්න පොල්ගහපිටිය පාර, දොළපාරක් වගේ.

රබර් කිරි ටිකවත් නගරෙට ගෙනියගන්න බෑ කියලයි මිනිස්සු කිව්වේ.

ගෙයින් ගෙට කණ්ඩායම මැදගම, මීගහවගුර පල්ලිය පාරේ මිනිස්සුන්ටත් කතා කළා.

ගම්මැද්ද ගෙයින් ගෙට පුත්තලම කණ්ඩායම සීමාවෙලිය ගම්මානයටත් ගියා.

අවුරුදු ගණනාවකින් පාර හදලා නැහැ

වැස්ස කාලෙට ඇළ උතුරලා වතුර බහින්නේ පාරෙන්.

හෙට 24 වැනි දවස.

හෙට ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම තවත් ගම්මාන රැසකනට එන්න සූදානම්..