යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්..

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් - තෙල් පිරිපහදුවකටත් හානි...

by Hashini De Mel 29-01-2025 | 8:17 AM

COLOMBO ( News 1st ) - යුක්‍රේන හමුදා රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඉන් නිශ්නි නොව්ගොරොඩ්හි තෙල් පිරිපහදුවකට හානි සිදුව ඇතැයි සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු හමුදා යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46 ක් ව්‍යර්ථ කිරීමටද සමත් වී ඇති බවයි.

පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් නවතා දමා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් වූ ජීවිත හානියක් සම්බවන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.