COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.