නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

by Staff writer 28-01-2025 | 4:49 PM

COLOMBO (News 1st) - ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ බවයි.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3 ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ මීට පෙර නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් විභාග විය.