ආනයනික වාහන ගැන දැනුම් දිමක්..

ආනයනික වාහන ගැසට් එක ගැන විශේෂ දැනුම්දීමක්...

by Staff writer 28-01-2025 | 8:28 AM

COLOMBO (News1st) - ආනයනය කරන වාහන අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.

ඒ, වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) පස්වරුවේ නිකුත් කෙරිණි.

එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ, 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේදීයි.

ඒ අනුව, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත් කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර දී තිබේ.

එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවතින බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් අදාළ ලියකියවිළි ඉදිරිපත් කළ යුතු බවයි.

එලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් සඳහා පමණක් බව එහි සඳහන් වේ.

මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ එලෙස ආනයනය කළ හැකිවන්නේ එක් වාහනයක් පමණක් බව ද එහි දැක්වේ.