එහි අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ වයඹ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
මීට අමතරව අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ ය.