2025 වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹේ...

2025 වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹේ...

by Hashini De Mel 27-01-2025 | 6:50 AM

COLOMBO ( News 1st ) - 2025 වසරේ පළමු වාරය සඳහා රජයේ හා රජයේ අනුමත පාසල් අද(27) ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යංශංශය පැවසුවේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමල පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද(27) සිට මාර්තු මස 14 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

මුස්ලිම් පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද(27) සිට ලබන මස 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ සියළුම පාසල් වර්ෂයකට දින 210 ක් පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් යෙදී ඇති නිවාඩු දිනයන් මෙන්ම අද(27) දිනයේ පාසල් ආරම්භ වන බැවින් 2025 වසර සඳහා දින 210 ක් පාසල් පැවැත්වීමට නොහැකිවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මේ වසරේ රජයේ හා රජයේ අනුමත සියළුම පාසල් හා පිරිවෙන් දින 181 ක් පැවැත්වෙනු ඇත.

මේ වසරට යෙදී ඇති රජයේ නිවාඩු සංඛ්‍යාව 25 ක්.