දූෂිතයින්ට දඬුවම් දෙන ආකාරය ජනපති පහදයි.

දූෂිතයින්ට දඬුවම් දෙන ආකාරය ජනපති කැකිරාවේ දී පහදයි..

by Staff writer 27-01-2025 | 1:18 PM

COLOMBO  (News1st) - ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ජනහමුවක්  කැකිරාවේ දී පැවැත්වුණේ පක්ෂ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
''ජනාධිපතිපරයා හැටියට අපේ ආණ්ඩුව හැටියට අපිට පරීක්ෂණ කිරීමේ බලයක් නැහැ අපි කරන්නෙත් නැහැ.අපිට අධිකරණයේ නඩු දාලා නඩු කියන්න අපි යන්නේ නැහැ. අපේ ආයතන ව්‍යුහයක් තියෙනවා.පරීක්‍ෂණ කරන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉන්නවා. නැත්නම් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව ඉන්නවා. ඒ පරීක්ෂණ වලට සහාය දෙන නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නවා. ඒ පරීක්ෂණ වලින් හෙළිදරව් වෙනත් කරුණු මත නීතිපති දෙපාර්තමේන්තුව අධී චෝදනා ගොනු කරලා මහා අධිකරණය නඩු පවරනවා‍.''

''නඩු පැවරුනාම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා මෙතන වංචාවක් සිද්ධ වුණා කියලා තර්ක කරනවා. අර පැත්තෙන් නීතිඥවරු ඇවිල්ලා නෑ කියලා තර්ක කරනවා. ඕකනේ වෙන්නේ. එහෙමනම් අපි කරන්න ඕනේ මොකක්ද. මෙන්න මේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශාල ලෙස බිඳ වැටිලා තියෙනවා. විශාල පරීක්‍ෂණ ෆයිල් තොගයක් හෙලවෙලා තියෙනවා. අපි කරපු දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොටස් වලට කැඩුවා. කුඩා අපරාධ මිනී මැරුම් වගේ අපරාධ මූල්‍ය අපරාධ වෙන වෙනම එකට දක්ෂ නිලධාරීන් අපි පත් කළේ ඒක තමයි ආණ්ඩුවක් කරන්නේ. ඒ නිලධාරීන් පරීක්ෂණ කරමින් යනවා. පරීක්‍ෂණ කරනකොට තැනක එරුණාම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහනවා මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන්නෙ තව මොකක්ද කරන්න ඕනේ කියලා.''

''ඒගොල්ලෝ කියනවා නෑ මෙන්න මෙහෙම කට උත්තරයකුත් ගන්නවා. ඊයේ ගන්නේ එහෙම එකක්. ඒ ගොල්ලෝ කියනවා පරීක්ෂණ නෑ මෙයාගෙන්නුත් කටයුත්තරයක් ගන්න. නිතිපති දෙපාර්තමේන්තුව කියනවා නෑ අත්අඩංගුවට අරගෙන කට උත්තරයක් ගන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන කට උත්තරයක් ගන්නවා. සමහර විට උසාවියෙන් ඇප ලැබෙන්නත් පුළුවන්. ඒ රිමාන්ඩ් කරන එක නෙමෙයි වැඩේ. හරියට නඩුව ගනු කරලා අච්චු කරන්න බලාගෙන තමා අපි වැඩසටහන දියත් කරලා තියෙන්නේ අච්චු කරන්න. හරි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස ලැබිලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස දීලා තියෙනවා. අධිකරණ පද්ධතිය ඒ අනුව සහාය ලබා දේවි කියලා දැඩි විශ්වාසයක අපිට තියෙනවා. ඒ නිසා අපි පරීක්ෂණ කරමින් යනවා. එතකොට සමහර අය කියනවා පොඩි ඒවානේ අහුවෙන්නේ. ඉතින් පොඩි ද ලොකුද කියලා හොරකම් නැහැ. හොරකම නම් හොරකම. ඉක්මනින් පරීක්ෂණ ඉවර කරගන්න පුළුවන් ඒවා ඉක්මනින් එනවා. අමාරු ඒවා පහුවෙලා එනවා එහෙමනේ වෙන්නේ. දැන් අපි හිතමු තාජුදින්ගේ ඝාතනය ඒක දැන් අවුරුදු පහළොවකට වඩා වැඩියි. තාජුඩින් ඝාතනය වුණාට පස්සේ එයා පිළිබඳව වෛද්‍ය වාර්තා හදපු JMO මහත්තයා අධිකරණ වෛද්‍ය නිලධාරී මහත්මයා. එතුමත් මේ ගිහිල්ලා. අමාරු නැද්ද අමාරුයි. ඒත් කරනවා හොඳේ. හැබැයි සමහර පරීක්ෂණ අමාරුයි. සමහර පරීක්ෂණ ඉක්මනින් සිද්ධ වෙනවා. ඒවා අපිට කියන්න පුළුවන්ද ඉක්මනින් සිද්ධ වෙච්ච එක තියලා ආ ඕක දැම්ම එපා ලොකු එකක් එනකන් ඉන්න කියලා කියන්න. අවසන් වෙන පරීක්‍ෂණයට අනුව අවසන් වැඩ කරනවා. ඒ නිසා අපේ ඉතාමත් විධිමත්ව අපි නම් කියලා නැහැ කවුද කියලා නැහැ මොන පරීක්ෂණයද කියල නැහැ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපි ශක්තිමත් කරලා තියෙනවා ඒ නිලධාරීන් තමයි කොයි පරීක්ෂණයද අපි කවුරුවත් ඉලක්ක කරලා යන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. අපිට වාසිගම් අනුව අපි හොරා තෝරන්නේ නැහැ. අපි තෝරන්නේ කොහොමද හොරකම අනුව. අපරාධය අනුව. නැත්තං සමහර අය හිතන්න පුළුවන් නේ මේ කට්ටිය හඹාගෙන යනවා අපිට එහෙම වුවමනාවක් නැහැ.''

''අපිට තියෙන්නේ සමස්තය කරන්න කියලා අපි නිදහස ලබා දීලා තියෙනවා. ඒකට අපි කාලයක් ගියා සමහර ආයතන ස්ථාපිත කරන්න ඕනේ. දැන් වැඩ පටන් අරගෙන තියෙනවා මොකද කරන්නේ ඕකට අපිට ඕන්නකම තියෙන්නේ ඒකනේ. අපිට කියන්න පුළුවන්ද ආ දැන් වැඩ නතර කරන්න කියලා. අපි කියන්නේ තව ඒකවත් කරන්න කියලා. මේ මාසයේ අග වෙනකොට තව වේගවත් වෙයි. අරයද මෙයාද. මේ වංචාවද නැනෝ පොහොරද කාබනික පොහොරද නේද මහ බැංකුවද කියලා අපි බෙදන්නේ නැහැ. තියෙන සාක්ෂි එකතු කරලා ඉක්මනින් කරන්න පුළුවන් ටික ඉක්මනින් කරනවා. පහුවෙන ටිකත් අත්හරින්නේ නැතුව කරන්න. එහෙම නේද ආණ්ඩුවක් ඕන. අපි ඒක කරමින් ඉන්නවා නේ. ඒ නිසා මතක තියාගන්න එක දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදලා තියෙනවා. දෙක දූෂිත යන් නීතිය හමුවට පැමිණීම සඳහා උනන්දුව තියෙන ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒකයි වැදගත්. දැන් ඕගොල්ලන්ට මං එකක් කියන්නම් පහුගියදා අනුර යාපාගේ ඇමතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. එතුමාගේ බිරිඳත් එක්ක. එතකොට කතාවක් ගියා මොකටද බිරිඳ ගත්තේ කියලා. බිරිඳ ගත්තේ නැහැ. ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් ගත්තේ. ඉතින් මොකද කරන්නේ පවුලම ආණ්ඩුකරනවානම් වැරැද්දක් වුනාම පවුලම අහුවෙනවා. නෑ බිරිඳ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි පෞද්ගලික ලේකම්. බලනකොට බිරිඳ. අපි දන්නේ නැහැනේ. ඉතින් අපි දන්නෙම නැහැ. මම මේ කියන්නේ ඇත්ත. මේක තමයි වෙන්නේ. 2015 ඔක්තෝබර් මාසයේ තමයි නිතිපතී දෙපාර්තමේන්තුව ලියුම එවන්නේ මේකට මොකක්ද කරන්නේ කියලා.''

''එතකොට පහුගිය සතියේ තමයි ලියුම ආවේ අත්අඩංගුවට ගන්න කියලා. දැන් අවුරුදු දහයකට විතර පස්සේ. එහෙම තමයි මේවා වෙලා තියෙන්නේ. ඉතින් බැනලා වැඩක් තියෙනවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. බැනලා වැඩක් නැහැ ඇයි. ඒගොල්ලෝ ලියුම එව්වා නම් ලියුම යට ගහනවා. ඒගොල්ලෝ ලියුම එවන්න එපා කියලා බලපෑම් කරනවා. ඒ නිසා ඒගොල්ලොත් මොකද කරන්නේ ඒගොල්ලොත් මිනිස්සු. ආණ්ඩුවට දූෂිතයන් ආරක්ෂා කර ගන්න ඕන කම නම් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්වරු විතරක් පැනලා බෙල්ල තියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලොත් ආණ්ඩුවක් දූෂිතයන්ට දඬුවම් දෙන්න අපරාධ වැළැක්වීම පිළිබඳ වුවමනාව තියෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ උවමනාවට හොඳට සහාය දෙනවා. ඒ නිසා තමයි අවුරුදු දහයකට වඩා නීතිපති දෙපාර්තමේන්තුවේ මේකට මොකද කරන්නේ කියලා ලිපි ගොණු හොයපුවාහම අවුරුදු දහයකට පසුව උත්තරයක් ආවා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියලා. මෙහෙමයි මේවා සිද්ධවෙලා තියෙන්නේ. ඒකෙන් පෙන්නන්නෙ මොකක්ද රට යහපත් අතට හැරිලා තියෙනවා අවුරුදු දහයකට පස්සේ ලියුමට උත්තරයක් එනවා. ඒ නිසා අපි ඉතාමත් සාර්ථක දිශාවකට අපේ රට හරවලා තියෙනවා. හැබැයි මේකේ ප්‍රතිඵලය ගත්තේ කොහොමද. ඉස්සර ආණ්ඩුවක් හැදිලා තියෙනවා පරම්පරාවෙන් පරම්පරාවට. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හැදුනා. පරම්පරා බලයක් නැතුව. ඊළඟ සමහර කාල වල ආණ්ඩු හැදුනා කුමන්ත්‍රණ කරලා, පාස්කු වගේ ඒවා. ඒකත් යනවා ඉස්සරහට ආ. කුමන්ත්‍රණ කරලා ආණ්ඩු හැදුනා.  හැබැයි මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කුමන්ත්‍රණ කරලා හදපු ආණ්ඩුවක් නෙමෙයි. සල්ලි පොම්ප කරලා හදපු ආණ්ඩුවක් නෙමෙයි. මාධ්‍ය බලය උපයෝගී කරගෙන හදපු ආණ්ඩුවක් නෙමෙයි. පරම්පරා බලය උපයෝගී කරගෙන ආණ්ඩු හදපු ආණ්ඩුවක් නෙමෙයි. එහෙනම් කොහොමද හැදුනේ. හැදුනේ මේ ඉන්න තමුන්නාන්සේලාගේ ගමක් කමක් ගානේ ගිහිල්ලා අපිත් දැකලා නැති අය මේ ආණ්ඩුව හදන්න මැදිහත් වුනා. ඒ නිසා අපි පූර්ණ වගකීම සහ බැඳීම තියෙන්නේ මේ ජනතාවත් එක්ක. ඒ නිසා අපි හිතනවා පූර්ණ වශයෙන් ආණ්ඩුව හදලා මාස දෙකක් යනකොට අපි සැලකිය යුතු පරිවර්තනයක් ඇති කරලා තියෙනවා. තාමත් අපේ ආණ්ඩුව අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකරපු ආණ්ඩුවක්. තාම අපේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා නැහැ. එක අපි පෙබරවාරි මාසේ 17 වැනිදා අපි අලුත් අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. ඒ අයවැය ලේඛනයෙන් අපේ රට හරවන දිශාව අපි පෙන්නුම් කරනවා.''