බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාත්මක බවයි.
මේ වන විට බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවදඔහු ප්‍රකාශ කළේ ය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් 4දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ගැටුමෙන් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට ද හානි සිදුව ඇති බවයි.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.