ගම්මැද්ද ගෙයින් ගෙට 19වැනි දිනය අදයි...

ගම්මැද්ද ගෙයින් ගෙට 19වැනි දිනය අදයි...

by Staff writer 27-01-2025 | 6:58 AM

COLOMBO ( News 1st ) -  අප්‍රමාණ දුක් කම්කටොලු වලින් පීඩා විඳින ජනතාව සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ 19වැනි දිනය අද(27).

ගම්මැද්ද මාතර කණ්ඩායම අද(27) උදෑසනම ගියේ මාතර දෙවුන්දර ප්‍රදීපාගාරය අවට ප්‍රදේශයේ ජනතාව හමුවෙන්න.1889 ඉංග්‍රීසි ආණ්ඩුව නිර්මාණය කරපු මේ ප්‍රදීපාගාරය අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාරයයි.

සංචාරක ආකර්ශනය සහිත මේ ප්‍රදේශයේ ජනතාවට තියෙන ලොකුම ගැටළුව දේශීය සංචාරකයන් මේ ස්ථානයට පැමිණ වෙරළට කුණු 
අත්හැර දැමීම.විදේශීය සංචාරකයන් මේ ස්ථානයට පැමිණීම නතර කර ඇති බවත් ඔවුන් පැවසුවා.


බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලම්පැල කුඩා ඔය කියන්නේ පවුල් 600ක් පමණ ජීවත් වෙන ගම්මානයක්.ගම්වාසීන් එදිනෙදා පාවිච්චි කරන කදුබැද්ද හරහා පදියතලාව දක්වා මාර්ගය දැන් වෙද්දි දැඩි ලෙස අබලන්.අඩුම තරමේ පයින්වත් යන්න බැරි තරම් අබලන්.බොන්න වතුර නැති එකත් ගම්මුන්ට ප්‍රධාන ප්‍රශ්නයක්.

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන මාකෙලියාව සිට ඇඹලයාගම දක්වා මාර්ගය දෑඩිලෙස අබලන්.ගම්මැද්ද කණ්ඩායමට මේ ජනතාව කිව්වේ වැහි කාලෙට මේ පාර මඩ වගුරක් වෙනවා කියලා.වසර ගණනාවක ඉඳලා බලධාරීන්ට ගමේ මිනිස්සු කොච්චර කිව්වත් මෙම මාර්ගය මේ වෙනකන් හදලා දීලා නෑ


මේ මඩකලපුව දිස්තික්කයේ වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඔල්ලිමඩු ප්‍රදේශය මැදින් ගලාබසින මුංගිල් ආරු ගංගාව.කලක පටන් සිදුකරන අනවසර වැලි ජාවාරාම නිසා මුංගිල් ආරු ගගෙහි ඉවුරු කැඩීගොස් ඒ ආසන්නව පිහිටි කුඹුරු අක්කර ගණනාවක්ම පස් තට්ටු දියවී ගොස් තිබෙනවා.වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයෙන් මෙම ගග බේරා දෙන්න කියලයි ගම්මු ඉල්ලන්නේ

මාතර,මඩකලපුව,බදුල්ල,කුරුණෑගල මේ දිස්ත්‍රික්කවල තමයි අද(27) ගම්මැද්ද ගෙයින් ගෙට එන්නෙ.