තුවාල ලැබූ ගණන 04ක්.
ආපදා වලින් දිස්ත්‍රික්ක 18ක පවුල් 27,753කට අයත් පුද්ගලයින් 92,477ට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වාර්තා වන අර්ධ නිවාස හානි ගණන 320ක්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ බලපෑමට ලක්වූ පවුල් 123ට අයත් පුද්ගලයින් 377දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 9 රඳවා සිටින බවයි.
මේ අතර අදත් ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි.