COLOMBO (News 1st) - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පිරි නමන 2024 වසරේ නැගි එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් දිනා ගෙන තිබේ.
ඒ, එම සම්මානය දිනා ගත් මෙරට දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.
සෑම වසරකම දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩකයින් ඇගයීමට ලක් කරයි.
2024 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටියේ ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, පකිස්ථානයේ සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ ශමාර් ජෝසප් සහ එංගලන්තයේ ගස් ඇට්කින්සන්ය.
ජයග්‍රාහකයා ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද(26) නම් කර තිබුණේ ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ය.
මීට පෙර 2008 වසරේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ද එම සම්මානය දිනා ගත්තේ ය.