පළාත් පාලන ඡන්දය ගැන රුවන් සෙනරත්ගෙන් අනාවරණයක්

පළාත් පාලන ඡන්දය කල් දැමීමේ විපක්ෂයේ උත්සහයක් ගැන විෂය භාර නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

by Staff writer 26-01-2025 | 3:08 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ උත්සහයක් පවතින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඔහු අනාවරණය කරන්නේ, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එම උත්සහයේ නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවය.

කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි අධිකරණය දුන් නියෝග ප්‍රකාරව කඩිනමින් මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය, මේ මස 24 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දින නියම කළේ ය.

පෙත්සම ගොනු කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතායි.