එහි අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසුවේ පසුගිය වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම හා පිටවීම මිලියන 8.88 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එය 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 ක වර්ධනයක් බව ද ඔහු පවසයි.
ආචාර්ය සුමිත් ද සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය වසරෙදී ගුවන් යානාවල පැමිණීම හා පිටවීම 56.289 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 20.69% ක් වන බවයි.
භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192.498 ක් වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 21.13 ක වර්ධනයක් බව ද ඔහු සඳහන් කළේය.