ඒ, සැකකරු අද(25) පස්වරුවේ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ යෝෂිත රාජපක්ෂ මහතා අද(25) පස්වරුවේ කොළඹට රැගෙන ආවේය.
ඉන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, නීති විරෝධිව උපයා ගත් බව කියන රුපියල් මිලියන 34ක් මුදලකින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් හා නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට ගැනෙන වැරදි සිදු කොට ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ, අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති.