ඉන්දියාවෙන් එන මෙට්‍රික් ටොන් 4,500ක ලුණු

පළමු ආනයනික ලුණු තොගය ලබන 27 වැනිදා දිවයිනට - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

by Staff writer 25-01-2025 | 6:43 AM

COLOMBO ( News 1st ) - ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය බවයි.

ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.

ඉන්දියාවෙන් ලුණු ආනයනය සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී තිබේ.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගත්තේ ය.