ගල්ගමුවේ, ඇහැටුවැව - හුණුගල්ලෑවේ මිනින්සු ජීවත් වෙන්නේ රටකජු වගාවෙන්.
හැබැයි මේක අලීන්ටම අතෑරපු ගම්මානයක් වගේ.
මේ මිනිස්සු ජීවත් වෙන්නේ කරදර පොදි බැදගෙන.
ඒ කරදර අලීන්ටත් වඩා දැවැන්තයි.
ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම හුණුගල්ලෑවේ මිනිස්සුන්ගේ ජීවිත කතා අහගෙන හිටියා.
ගෙයින් ගෙට කණ්ඩායම අලින්ගෙන් බැට කන උඩකොටුවගම, කැලෑගම ගම්මාන දෙකටත් ගියා.
බදුල්ලේ සිරිමල්ගොඩ ඉදලා අන්නාසි වත්තයාය මැදමන්කඩ යන්නේ තියන්නේ ජීවිත ආශාව අතෑරලා.
ගම්මැද්ද ගෙයින් ගෙට බදුල්ල කණ්ඩායම අද කැන්දගොල්ල ගම්මානයේ ජනතාවටත් සවන් දුන්නා.
මාතර පැලෑන වැලිගම බොක්කට එන සංචාරකයින්ට සර්ෆින් ක්රීඩාවේ පුරුදු කරන්නේ බාධක ගොඩාක් මැද.
වැසිකිලි කැසිකිලි පහසුකම්වත් හරියට නැහැ.
ගම්මැද්ද කණ්ඩායම අද වැලිගම සද්දාතිස්සගම සහ හල්ගහහේන ගම්මානවල මිනිස්සු එක්කත් කතා කළා.
මඩකලපුව කාංගේයනෝඩෙයි - කාන්තාවන්ට රෙදි වියලා ජීවත්වෙන පුළුවන් තැනක් බාගෙට හදලා නවත්තලා.
මඩකලපුවේ කණ්ඩායම මන්මුණේ උතුර - පූනොච්චිමුණෙයි ධීවර ගම්මානයටත්, මංජන්තොඩුවායි, හර්බලා, තාලංකුඩා ඇතුළු ගම්මානවලටත් ගියා.
මේ ගමන්වලට පේරාදෙණිය සරසවි සිසුනුත් හැමදාම එකතුවෙනවා.
ගම්මැද්ද ගෙයින් ගෙට ක්රියාන්විතයේ 18 වැනි දවස හෙට.
හෙටත් ඔවුන් ජනතාව හමුවෙන්න සූදානම්.