COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (24) නියෝග කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ය.
ඇප නියෝග ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කළ අතර නඩුව ජුනි 20 වැනි දා යළි කැඳවීමට නියමිතයි.