COLOMBO (News 1st) - අමෙරිකාව තුළ සිදු වූ ඝාතන 3ක අනාවරණය නොකළ වාර්තා හෙළි කිරීමට ජනාධිපති ඩොන්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
මෙලෙස අනාවරණය කිරීමට සූදානම් වන්නේ - ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ගේ ඝාතනවලට අදාළ පරීක්ෂණ වාර්තායි.
ධවල මන්දිරියේ සිය කාර්යාලයේදී අද මාධ්‍ය ඇමතූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, මෙය බොහෝ දෙනෙකු වසර ගණනක් බලා සිටි කරුණක් බවයි.
අනාවරණය නොකළ මේ පරීක්ෂණ වාර්තා මගින් සියල්ල හෙළිවනු ඇතැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
දින 15ක් ඇතුළත අදාළ ලේඛන අනාවරණය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා පරිපාලන නිලධාරීන්ට නියෝග කර තිබේ.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 වසරේ ඩලාස්හිදී ඝාතනය කෙරුණු අතර ඔහුගේ සහෝදරයා වූ රොබට් එෆ් කෙනඩි 1968 කැලිෆෝනියාවේදී ඝාතනය කෙරුණේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන අතරතුරදීයි.
එම ඝාතනය මාස 2කට පෙර අමෙරිකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සිවිල් අයිතිවාසිකම් නායකයා වන මාටින් ලුතර් කිං ටෙනසිහි, මෙම්ෆිස්හිදී ඝාතනය කෙරුණි.
විමර්ශනවලට අදාළ බොහෝ ලියකියවිලි වසර ගණනාවක් තිස්සේ වරින් වර නිකුත් කර ඇතත් දහස් ගණනක් තවමත් අනාවරණය කිරීමට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.