COLOMBO (News 1st) - මන්නාරම හා පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය සහ නොමගයවන සුළු වාර්තා බව අදානි සමූහය අද(24) නිවේදනය කර තිබේ.
එම සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් කරන ආයෝජන සඳහා තම සමාගම තවදුරටත් කැපවී සිටින බවයි.
මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතියක් සඳහා අදානි සමූහය අමෙරිකානු ඩොලර් බිලියනක් ආයෝජනය කිරීමට මේ වනවිට ඉදිරිපත්වී සිටි.
අද අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේ, මෙම ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බවයි.
පසුගිය ජනවාරි දෙවනදා ගත් කැබිනට් තීරයට අනුව සිදුවන්නේ 2024 වසරේ මැයි මාසයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව නැවත සළකා බැලීම යැයි එම නිවේදනයේ සඳහන් ය.
වත්මන් බලශක්ති ප්‍රතිපත්තිය යටතේ ප්‍රමුඛතා කාර්යයන් සලකා බලමින් ඊට අනුගතවන ආකාරයෙන් ගාස්තු ක්‍රමය සකස් කිරීම මෙහිදී සලකා බලන බව අදානි සමූහය පවසයි.
එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක හා ආර්ථික අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ සිදු කිරීමට යන ඩොලර් බිලියන එකක ආයෝජනය වෙනුවෙන් තමන් තවදුරටත් කැපවී සිටින බවයි.