COLOMBO (News 1st) - සිය රට දේ සිරි සැප දේ කිව්වට කීයෙන් කීදෙනා ද සිය රට දේ අගය කරන්නේ.
දේශීය කිරි කර්මාන්තයට අත්වෙලා තියෙන්නෙත් ඒ වගේ ඉරණමක්.
මාතර, ගරාඩුව හද්දූව ගම්මුන්ගේ ජීවිත ඉස්සර කිරියෙන් පැණියෙන් ඉතිරුණේ කිරි කර්මාන්තය නිසා.
පවුල් 300ක් මේ කර්මාන්තයේ යෙදෙන්නේ අදක ඊයේක ඉදන් නෙවේ.
හැබැයි හද්දූවේ කිරි කර්මාන්තයට දැන් කණකොකා හඬලා.
ගම්මුන්ගේ ජීවිත බිඳ වැටිලා.
ගවයන්ට කන්න දෙන්න තණකොළ නෑ.
සත්ත්ව ආහාර ගිනි ගණන්.
කලකිරිලා ඉන්න කිරි ගොවීන් මේ විස්තර කිව්වේ ගම්මැද්ද මාතර කණ්ඩායම අද ගෙයින් ගෙට ගියපු වෙලාවක.
තව ද බදුල්ල, තෙන්නකෝන්වෙල ගම්මු දිනපතා එහා මෙහා යන්නේ මේ පාලමෙන්.
කැප්පැටිපොල, බෝගහකුඹුර අඹේවෙලට යන්න තියන මේ පාලම අබලන් වෙලා දිගු කලක්.
හදලා අවුරුදු 60 ක්.
පිළිසකර නොකර තිබ්බම අබලන් නොවී තියෙයිද?
බොරලන්ද, දාඹුගොල්ල ප්‍රදේශවලටත් ගම්මැද්ද කණ්ඩායම ගියා.
මඩකලපුව මුනෙක්කාඩු, මුදලෙක්කුඩා ගම්මාන දෙකේම පොදු ප්‍රශ්නේ වතුර.
ළිං තිබ්බට වතුර කිවුලයි. බොන්න බෑ.
කොක්කට්ටිච්චෝලෙයි, පණ්ඩාරියාවැලි, පට්ටිප්පෙලයි ගම්මානවලත් ගම්මැද්ද කණ්ඩායම සංචාරය කළා.
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුනුත් මේ ගමන්වල සිටිනවා.
මීට අමතරව නිකවැරටිය කොටවෙහෙර පළුගොල්ල, කුඹුක්වැව ගම්මානවල කවුරුත් හවස 6.00 පස්සේ ගෙදරින් එළියට බහින්න කැමති නෑ.
ඒ වෙලාවට ගම්වල ඉන්නේ ඉඟිනිමිටිය රක්ෂිතයේ ඉඳන් එන වනඅලි.
අලි නවත්වන්න වැටක් තිබ්බට වැඩක් නෑ.
ගම්මැද්ද කණ්ඩායම අද හැතිගම්මන, මහගිරිල්ල, මීවල්ලවල, පල්ගොල්ල ගම්මානවලටත් ගියා.
හෙට 17 වැනි දවස.
හෙටත් අද වගේම ජනතාව සමඟ කතාබහ කරන්න ගෙයින් ගෙට යන්න ගම්මැද්ද කණ්ඩායම සූදානම්.